තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්රී ලංකාව සහ චීනය අතර තරගයෙන් තරග වට 3 – 1 ක පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායමට ඊයේ ( 10 ) සිදුවිය. ශ්රී ලංකා කණ්ඩායම මේ වනවිටත් අවසන් පූර්ව වටයෙන් ඉවත්ව ඇති මුත් තරගාවලියේ 7 සහ 8 වැනි ස්ථාන සඳහා තරග කිරීමට ශ්රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිව තිබේ.
ශ්රී ලංකා යොවුන් ක්රීඩකයන් පළමු වටය ආරම්භයේ සිටම චීන ක්රීඩකයන්ට දැඩි සටනක් ලබා දීමට සමත් වූ අතර ඇතැම් අවස්ථාවල දී චීනය පසුකර යෑමට ද ශ්රී ලංකා ක්රීඩකයින්ට හැකිවිය. කෙසේ නමුත් සිය රිද්මය අවසානය තෙක් රදවා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයන් අපොහොසත් වීම නිසා එම තරග වටයේ ජය ලකුණු 25 – 13ක්න් තහවුරු කර ගැනීමට චීනය සමත් විය.
දෙවැනි තරග වටයද ලකුණු 25 – 21 කින් ජයගත් චීනය, තරගයේ ජයග්රහණයේ පාමුලටම පැමිණිමට සමත් වි ය. කෙසේ නමුත් තීරණාත්මක තෙවැනි වටයේදී යළිත් සුපුරුදු රිද්මයට පැමිණිමෙන් චීන ක්රීඩයන්ට අභියෝග කළ ශ්රී ලංකා යොවුන් ක්රීඩකයන් එම තරග වටය ලකුණු 25 – 23 කින් ජය ගැනීමට සමත් වූයේ කාගේත් අවධානය දිනා ගනිමිනි.
කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පැවැති මෙම තරගයේ අවසන් තරග වටයද ලකුණු 25 – 23කින් ජයගත් චීනය ජයග්රහණය තහවුරු කර ගත්තේය.
ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගය පරාජයට පත් වුවත් චීනය වැනි රටකට ප්රබල අභියෝගයක් එල්ල කිරීම කාගේත් අවධානය දිනා ගැනීමට හේතුවක් විය.
Be the first to comment