සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට අදාල ක්රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් කොදෙව් සංචිතය ඊයේ ( 10 ) නිල වශයෙන් ප්රකාශයට පත් කළේය.
ඉන්දීය ඒ කණ්ඩායමට එරෙහිව දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් කොදෙව් තුන් ඉරියව් ක්රීඩක රකීම් කෝර්න්වෝල් ක්රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
තමන්ගේ තරබාරුකමට අභියෝග කරමින් ක්රිකට් පිටිය ජයගත් රකීම් තවමත් 26 වැනි වියේ පසුවන යොවුන් ක්රීඩකයෙකි. අඩි 6යි අගල් 5ක උසක් සහිත රකීම් මේ වනවිට පළමු පෙළ තරග 55 කදී කඩුලු 260 ක් දවා ගැනීමට සමත්ව ඇත. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දක්ෂතා අතරට පැමිණි රකීම්, පළමු පෙළ තරග 55 කදී ලකුණු 2224 ක් ලබා ගෙන තිබීමද වශේෂත්වයකි.
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 22 වැනිදා ශ්රීමත් විවියන් රිචඩ්ස් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – ජේසන් හෝල්ඩර් ( නායක ) , ක්රේග් බ්රේත්වේයිට්, ඩැරන් බ්රාවෝ, ෂාමර් බෘක්ස්, ජෝන් කැම්බෙල්, රොස්ටන් චේස්, රකීම් කෝර්න්වෝල්, ෂේන් ඩවුරිච්, ෂැනෝන් ගැබ්රිල්, ෂිම්රින් හෙට්මයර්, ෂායි හෝප්, කීමෝ පෝල්, කෙමාර් රෝච්
Be the first to comment