සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය එක්දින ක්‍රිකට් පිටියේ 42 වැනි ශතකය වාර්තා කිරීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත් විය.
මෙම ශතකයත් සමගින් විරාට් කෝලි වාර්ත කිහිපයක් අලුත් කිරීමට සමත් විය. ඒ අනුව එක්දින ක්‍රිකට් පිටියේ නායකයෙකු වශයෙන් කණ්ඩායමකට එරෙහිව ලබාගත් වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට කෝලි සමත් වූයේ කොදෙව්වන්ට එරෙහිව අද ලබාගත් ශතකයත් සමගින් ශතක 6ක් ලබා තිබීමත් සමගය. මීට පෙර මෙම වාර්තාව ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක රිකී පොන්ටින් නවසීලන්තයට එරෙහිව ශතක 5ක් ලබා ගනිමින් පිහිටුවා තිබිණ. එසේම කෝලිගේ මෙම ශතකයත් සමගින් එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමටකට එරෙහිව ලබාගත් දෙවැනි වැඩිම ශතක සංඛ්‍යාව බවට ද පත්විය. මීට පෙර ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක 9ක් වාර්තා කර ඇති අතර කෝලි අද ලබාගත් ශතයත් සමගින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශතක 8ක් ලබා ගැනීමට සමත් වී ඇත. එසේම ඕස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාවට එරෙහිව ද ශතක 8 බැගින් රැස්කර තිබීම විශේෂත්වයකි.
ඔහුගේ මෙම ශතක 42න් 20ක්ම ඔහුගේ නායකත්වය යටතේම ලබා තිබීම විශේෂත්වයකි. ඉතිරි ශතක 22 න් 19ක් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙනුත්, විරේන්ද්‍ර ශෙවාග්ගේ නායකත්වයෙන් යුතුව ශතක 2ක් සහ ගෞතම් ගාම්බීර්ගේ නායකත්වයෙන් යුතුව එක් ශතකයකුත් බැගින් ලබා ගෙන ඇත.
Be the first to comment