ශ්‍රී ලංකා පිලේ ප්‍රථම නවසීලන්ත සංචාරය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය මීට වසර 37ක සිට පැවත එන්නකි. එනම් 1982 වසරේ ආරම්භ වූ දෙරට අතර සහෝදරත්වය හේතුවෙන් මේ වනවිට තරග 34කදී එකිනෙකා හමුවී තිබේ. එයින් තරග 15ක ජය නවසීලන්තය සතු වෙද්දී, ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 8ක් පමණි.

             ඩී එස් ද සිල්වා

1982 වසරේ සති හතක සංචාරයක් සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම,ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්ත සංචාරයක නිරත විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියවේ පළමු පෙළ ක්‍රිකට් සංචාරයකට එක් වීමෙන් පසු නවසීලන්තය සමගින් ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට අවස්ථාව හිමි විය. පළමු ටෙස්ට් තරගය 1983 වසරේ මාර්තු මස 4,5 සහ 6 යන දිනයන්හිදී පැවැත්වුණු අතර කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

ශ්‍රී ලංකාවේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කිරීමට සමත් විය. නවසීලන්තය වෙනුවෙන් ජෙරම් කෝනි ලකුණු 84ක් සහ වොරන් ලීස් ලකුණු 89ක් රැස් කරමින් නවසීලන්ත පළමු ඉන්ම ශක්තිමත් කළහ.

පන්දු යැවීමේදී රවී රත්නායක ලකුණු ලකුණු 93කට කඩුලු 3ක්, රුමේෂ් රත්නායක ලකුණු 125කට කඩුලු 2ක් සහ විනෝදන් ජෝන් ලකුණු 45කට කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසියේ සිදත් වෙත්තමුණි සමගින් මිත්‍ර වෙත්තමුණිය. ඔවූහු එකම පවුලේ සහෝදරයෝ මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවූ ප්‍රථම මෙන්ම එකම සහෝදරයෝ ද වෙති. මිත්‍ර වෙත්තමුණි ලකුණු 17කට පිටියෙන් ඉවත් වීමත් සමග සිදත් වෙත්තමුණිට අනෙකුත් පිතිකරුවන් සියල්ලන් සමගම ක්‍රීඩා කිරීමට ද සිදුවූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ල ලකුණු 144කට දැවී යාමත් සමගය. මෙහිදී සිදත් වෙත්තමුණි ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ල දැවී යනවිටත්  නොදැවී කඩුල්ලේ රැදී සිටිමින් නව වාර්තාවක් ද පිහිටුවිය.. එහිදී ඔහු විසින් නොදැවී ලකුණු 63ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී රිචඩ් හැඩ්ලි සහ ලාන්ස් කෙයාන්ස් කඩුලු 4 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ලකුණක අඩුවක් හේතුවෙන් නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට සිදු වූ අතර එහිදීද ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පන්දු යවන්නෝ හමුවේ යළිත් අසරණ විය.  එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි.

එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දුලිප් මෙන්ඩිස් සහ උප නායක රෝයි ඩයස් අසනීප වීම නිසා මෙම තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍ය ඩී එස් ද සිල්වාට හිමි වූ අතර ඔහු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා  බවට ද පත්විය. එහිදී පන්දු 111 කදී හතරේ පහර  4ක් සමගින් ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය සමගින් පැවැති මංගල ටෙස්ට් තරගයේදී ඉනිමක සහ  ලකුණු 25 පරාජයක් වැළද ගැනීමට සිදුවිය.

ශ්‍රී ලංකා නවසීලන්ත මංගල ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා

  • ශ්‍රී ලංකාව වෙනුවෙන් මිත්‍ර වෙත්තමුණි, සුසිල් ප්‍රනාන්දු , යොහාන් ගුණසේකර, ගයි ද අල්විස්, ශ්‍රීධරන් ජෙගනාදන්, රැමේෂ් රත්නායක සහ විනෝදන් ජෝන් මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වූහ.
  • ඩී එස් ද සිල්වා විසින් පළමු පෙළ තරග වලදී ලකුණු 1500 පසු කිරීමට සමත් විය.
  • ඩී එස් ද සිල්වාට පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමිවිය.
  • නවසීලන්තය වෙනුවෙන් ජෙෆ්රි ජෝන් කෝ මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.