දෙස් විදෙස් තරගකරුවන්ගෙන් හැඩවන ”විජයබාහු මොටෝක්‍රොස් ” 25 වැනිදා

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 17 වැනි වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින්  පැවැත්වීමට නියමිත“විජයබාහු මොටෝක්‍රොස්” තරගාවලිය අගෝස්තු මස 25 වැනි දින පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම තරගාවලිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 9වන දින “ටාජ් සමුද්‍රා” හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ධාවන පැදි තරග අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවන මෙම තරගාවලියේ පසුගිය වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට ඉශාන් දසනායක සම්මාන දිනා ගත්තේය.

මෙම තරගාවලිය තුලින් උපයන මුදල් කුරිරු යුද්ධයේ දී ත්‍රස්තවාදීන් හමුවේ නොබියව සටන් වැදී ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් යෙදවීම සිදු කරනු ලබයි.

මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙකුද සහභාගී වීමට නියමිත අතර ඒ අතර තායිලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ ජපන් ජාතික  ක්‍රීඩකයෙකු සහභාගී වීමට නියමිතය.

ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග පිරිනමන අතර එක් ඉසව්වක ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද දෙවන ස්ථානයට රුපියල් 30,000ක් ද තෙවන ස්ථානයට රුපියල් 20,000ක් ද පිරිනැමීමට නියමිතව ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.