එංගලන්ත – ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයට ආචර් කැදවයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය හෙට ( 14 ) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 251 ක විශිෂ්ට ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ද සමත් විය.  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් මහ තරගයේදී සුපිරි පන්දුවාරය යොමු කරමින් එංගලන්තයට ජයග්‍රහණය ගෙන ඒමට කටයුතු කළ ජොෆ්රා ආචර් හෙට දිනයේදී මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දග පන්දු යවන ක්‍රීඩක මොයින් අලී පළමු තරගයේදී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයට ඇතුළත් නොකිරීමට පියවර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු තරයේදී ක්‍රීඩා කළ ජේම්ස් පැට්න්සන් වෙනුවට ජෝශ් හේසල්බුඩ් කණ්ඩායමට එක් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

එංගලන්ත කණ්ඩායමජෝ රූට් ( නායක ), රෝරි බර්න්ස්, ජේසන් රෝයි, ජෝ ඩෙන්ලි, ජොස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, ජොනී බෙයාර්ස්ටොව්, ක්‍රිස් වෝක්ස්, ජෝෆ්රා ආචර්, ස්ටුවට් බ්‍රෝඩ්, ජැක් ලීච්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමටිම් පේන් ( නායක ) , ඩේවිඩ් වෝනර්, කැමරන් බ්‍රැන්කොෆ්ට්, උස්මාන් කවාජා,ස්ටිව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, පීටර් සිඩෙල්, නේතන් ලයන්, ජෝශ් හේස්ල්වුඩ්

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.