ඉදිරි වසර කිහිපය තුළදී ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙන යමින් ඒ සඳහා වැඩි වටිනාකමක් ලබා දීමට අවධානය යොමුව තිබේ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස 2028 වසරේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.
එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසා ඇත්තේ කී‍්‍රඩාවට ගෝලීය වේදිකාවක් ලබාදීම මෙමගින් අපේක්ෂා කරන බවයි. එසේ වුවහොත් එය ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත අවස්ථාවක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින කාන්තා කණ්ඩායම් සඳහා ඉදිරියේදී පිළිගත් ක්‍රීඩා තරගාවලි සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව නිර්මාණය වී තිබේ. එනම්, 2022 වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ඇතුලත් කිරීමට දැනටමත් තීරණය කර තිබේ.
1998 වසරේ සිට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පිරිමි එක්දින ක්‍රිකට් තරඟාවලියක් ඇතුලත් වී තිබුණි.
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් හිදී ජූලි මස 27 වනදා සිට අගෝස්තු මස 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Be the first to comment