සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස බොහෝ විට නිරෝෂන් දික්වැල්ල කටයුතු කිරීමට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අද ( 13 ) කියා සිටියේය. ඒ අනුව පළමු තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
“ අපේ සැලසුම් කිහිපයක් තිබෙනවා. අපි සේරටම කලින් බලන්න ඕන අපිට ලැබෙන තණතීරුව මොන වගේද කියලා. කඩුලු රකින්නා ගැන කතා කළොත් බොහෝ විට නිරෝෂන් දික්වැල්ල කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. චන්දිමාල් සහ කුසල් ජනිත් ඉන්න නිසා වෙනසක් කිරීමට අවශ්‍යතාවක් ඇති වුනොත් එය කිරීමට බලාපොරොත්තු වනවා යැයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ දකුණු අප්‍රිකා සංචාරය ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුගමනය කළ පිතිකරුවන්ගේ සැලැස්ම මෙම තරගයේදී ද ක්‍රියාත්මක කරනවාද යන්න මාධ්‍යෙව්දියෙකු විසින් දිමුත් කරුණාරත්නගේන් විමසා සිටියේය.
“ ඒ ගැන හරියටම දැනට කියන්න බැහැ. මෙම සංචිතය ඇන්ජලෝ මැතිවුස් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් ඇවිත් ඉන්නවා. ඒ නිසා වෙනස්කම් කිහිපයක් සිදු වෙන්න පුළුවන්. දකුණු අප්‍රිකාවේ තණතීරු නොවේ මෙහේ තියෙන්නේ . ඒ නිසා ගොඩාක් දුරට දග පන්දු යවන්නන්ට හොදින් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයන් ගැන අපි බලන්න ඕන. ඒ වගේම බෝලින් ලයින් අප් එකෙත් වෙනස්කම් කිහිපයක් වෙන්න පුළුවන්. ඒ නිසා හෙට තරගයට කවුරුන් ද ක්‍රීඩා කරන්නේ කියලා හෙට තණතීරුව බලලා තීරණය කරනවා.
තරගාවලිය ආරම්භ වීමට සියල්ල සූදානම්ව පැවැතියත් පවතින කාළගුණික තත්ත්වය නිසා හෙට දිනයේදී තරගය ආරම්භ කිරීමට හැකියාවක් පවතිනවා යන්න ගැටලුවකි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර ඇති අතර මේ වනවිටත් ( ප.ව 3.38 ) ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලෙමින් පවතියි.
Be the first to comment