සෙරීනාගේ සිහිනය බොඳකළ ඇන්ඩ්‍රෙස්කු ශූරතාව රැක ගනියි

රොජර්ස් කුසලාන ටෙනිස් තරගාවලියේ අද  ( 12 ) පැවැති  කාන්තා අවසන් මහ තරගයේදී ඇමරිකාවේ සෙරීනා විලියම්ස් අවාසනාවන්ත ලෙස ආබාධයට ලක්වීම හේතුවෙන් එහි ශූරතාව දිනා ගැනීමට කැනඩාවේ යොවුන් ක්‍රීඩිකා බියැන්කා ඇන්ඩ්‍රෙස්කු සමත් වූවාය. මෙම තරගය කැනඩාවේ ටොරොන්ටෝහි පැවැත්විණ.

කැනඩානු විවෘත ටෙනිස් තරගාවලියක 1969 වසරින් පසු කැනඩානු ක්‍රීඩිකාවක් ශූරතාව දිනාගත් පළමු අවස්ථාව බවට මෙය පත්විය. ඇය මෙම ජයග්‍රහණයත් සමගින් කාන්තා ලෝක ටෙනිස් වර්ගීකරණයේ 14 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට සමත් වූ අතර ඇය තවමත් 19 වැනි වියේ පසුවීම තවත් සුවිශේෂත්වයකි.

තරගයේ පළමු වටය ආරම්භ වී විනාඩි කිහිපයක් යාමටත් මත්තෙන් සිය පළමු ලකුණු ලබාගත් සෙරීනා විලියම්සන් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද ඉන් අනතුරුව තරගයට ප්‍රවිශ්ට වූ යොවුන් ක්‍රීඩිකා ඇන්ඩ්‍රෙස්කුගෙන් සෙරීනාට ලකුණු අතරට ඒමට අවස්ථාවක් හිමි නොවීය. ඇන්ඩ්‍රෙස්කු පිට පිටම තෙවැනි ලකුණත් සම්පූර්ණ කිරීමත් සමග සෙරීනා විලයම්ස් පිටියෙන් ඉවත් වූයේ පසුපස පාදයේ හටගත් ආබාධ තත්ත්වයන් හේතුවෙනි.

යළිත් පිටියට ඒමට හැකියාවක් නොමැති බව දැන්වූ සෙරීනා , ජයග්‍රාහී ඇන්ඩ්‍රෙස්කුට සුබ පැතීමට ද අමතක නොකළාය. එහෙත් සෙරීනාගේ දෙසට පැමිණි ඇන්ඩ්‍රෙස්කු ඇය සනසවමින් කියා සිටියේ,

“ මෙය මම ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වූ ක්‍රමය නොවේ. ඔබ සැබවින්ම ශූරයෙකි. ඔබ බොහෝ වාරයක් ජයග්‍රහණය කර ඇති බව මම දැක ඇත්තෙමි. ඔබ පිටියේදීත් ඉන් පිටතදීත් සැබවින්ම ශූරියෙකි.

2018 වසරේ සිය දියණියගේ උපතින් පසු යලිත් පිටියට පිවිසි  සෙරීනා විලියම්ස්  මෙම තරගාවලියේදී යළිත් ජයග්‍රහණයක් සොයමින් සිටියද එයද අවාසනාව විසින් ඇයගෙන් උදුරාගත් බව විදෙස් මාධ්‍ය රැසක් අණාවරණය කර තිබිණ.

සෙරීනාට මීට පෙරද 2000 වසරේ පැවැති  රොජර්ස් කුසලාන අවසන් මහ තරගයේදී ආබාධයට ලක් වීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදුවිය. එම වසර බියැන්කා ඇන්ඩ්‍රෙස්කු උපත ලද වර්ෂය  වීම ද විශේෂත්වයකි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 ක් දිනා ඇති සෙරීනා විලියම්ස් මීට පෙර පැවැති රෝජර්ස් කුසලාන තරගාවලියන්හිදී එනම්  2001 , 2011 සහ 2013 යන වසරවලදී ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් වූවාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.