දිවා ආහරය සදහා තරගය නතර කරන විට කඩුලු 3ක් අහිමි කරගෙන සිටි නවසීලන්ත ඉනිමෙන් තවත් කඩුලු 2ක් උදුරාත් අකිල ධනංජය, තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසියක් අත්කර දුන්නේය. සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කට ලකුණු 179ක් ලබා සිටියි.
තරග තහනමෙන් පසු ටෙස්ට් පිටියට පිවිසි අකිල ධනංජය නැවතත් ඔහුගේ සුපුරුදු රිද්මය සොයන ආකාරයක් අපිට අද තරගය ආරම්භයේ සිටිම දැක ගැනීමට හැකි විය. මේ වනවිට නවසීලන්ත පිතිකරුවන්ට හිසරදයක් බවට පත්ව තිබෙන අකිලගේ පන්දු යැවීම ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් බවට පත්ව ඇත.
කඩා වැටී තිබූ නවසීලන්ත ඉනිම ඉහළට ඔසවා තැබූ රොස් ටේලර් හා හෙන්රි නිලකස් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 100 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් සිටියදී, අකිලගේ පන්දුවක් හමුවේ ලකුණු 42ක් ලබා සිටි හෙන්රි නිකලස් පිටියෙන් ඉවත් විය. ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි බී ජේ වැට්ලින් ද පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදුන් අකිල, තේ පානයට පෙර යැවූ අවසන් පන්දුවෙන්ම ඔහුද දවා ගැනීමට සමත් වූයේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන වරටත් ඉනිමකදී කඩුලු 5ක් බිද හෙලමිනි.
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පන්දු යවන්නන් 5 දෙනාම උපයෝගි කර ගනු ලැබුවද අකිල ධනංජය හැරෙන්නට වෙනත් කිසිදු පන්දු යවන්නෙකුට කඩුල්ලක් දවා ගැනීමට අවස්ථවක් හිමි නොවීය.
පන්දුවට පහර දෙමින් සිටින රොස් ටේලර් පන්දු 106 දී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 70ක් ලබා සිටියි.
නවසීලන්ත පළමු ඉනිම (තේ පානය සඳහා තරගය නතර කරන විට ) – පන්දුවාර 60.2කදී කඩුලු 5කට ලකුණු 179
( ජිට් රාවල් 33, ටොම් ලේත්න් 30 , හෙන්රි නිකලස් 42, රොස් ටේලර් නොදැවී 70, අකිල ධනංජය 50/5 )
නවසීලන්තයේ ගමනට අකිල හරස් වෙයි
සංචාරක නලවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ( 14 ) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 71 ක් ලබා සිටියේය.
දිවා ආහාරයට ප්‍රථම යැවූ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවෙන් නවසීලන්තයේ තෙවැනි කඩුල්ල ද උදුරාගත් අකිල ධනංජය ගාලු පිටියේ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නතුකර දුන්නේය.
නායක කේන් විලියම්සන් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව තමන් සතුකර ගත්තේ , තරගයේ වැඩි වාසියක් අත්කර ගැනීමේ අදිටනින් විය යුතුය. නවසීලන්ත ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ටොම් ලේතන් හා ජිට් රාවෙල් ආරම්භ කඩුල්ල සඳහා ලකුණු 64ක සබඳතාවයක් ගොඩ නගමින් සිටියදී අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ ටොම් ලේතන් ලකුණු 30 කට දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි නායක කේන් විලියම්සන්ට ද පිටියේ ස්ථාවර වීමට කිසිසේත් අවස්ථාවක් ලබා නොදුන් අකිල ධනංජය, ඔහු ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ දිවා ආහාරයට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභවාදී මපෙත් විවර කරමිනි.
මාස 9කට පසු යළිත් ටෙස්ට් පිටියට පිටියට පැමිණි අකිල ධනංජය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 28 කට කඩුලු 3ක් බිද හෙලීය.
නවසීලන්ත පළමු ඉනිම (දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ) – පන්දුවාර 30.2කදී කඩුලු 3කට ලකුණු 71
( ජිට් රාවල් 33, ටොම් ලේත්න් 30 , අකිල ධනංජය 28/3 )
කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දෙයි
සංචාරක නලවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ( 14 ) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කරමින් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව පළමු තරගයේ ස්ථානයක් හිමිවේ යැයි සිතූ දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැති අතර කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල පත්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න ( නායක ) , ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, කුසල් පෙරේරා, දනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙනිය, ළහිරු කුමාර
නවසීලන්ත කණ්ඩායම – කේන් විලියම්සන් ( නායක ), ජිට් රාවෙල්, ටොම් ලේතන්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී ජේ වැට්ලින්, මිචෙල් සැන්ටර්, ටිම් සවුති, අජාස් පටෙල්, විල් සමර්විල්, ට්‍රෙන්ට් බෝල්ට්
Be the first to comment