නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5ක් දවා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් තමන්ගේ පරණ ඉරියව්ව අමතක කරමින් අලුත් පන්දු යැවීමේ ඉරියව්වෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන බවත් අකිල ධනංජය තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අද ( 14 ) කියා සිටියේය.
“ පසුගිය කාලේ පියල් සර් මට ගොඩක් උදව් කළා මගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කර ගන්න. මම පරණ ඇක්ෂන් එක දැන් අමතක කරලා තියෙන්නේ. මම හිතනවා ලොකු වෙනසක් වෙලා නෑ කියලා. මට අවශ්‍ය හැමදේම අලුත් ඇත්ෂන් එකෙන් වෙනවා. ඒ නිසා ඇත්තටම මම දැන් ඇක්ෂන් එකට ගොඩක් කැමතියි.
“ විකට් එකක් ගන්න අවශ්‍ය වෙලාවට මම වැඩිපුරම පාවිච්චි කරන්නේ, ලෙග් ස්පින් එකයි ගුග්ලි එකයි තමයි. නමුත් මම වැඩිපුරම පන්දු යවන්නේ ඕෆ් ස්පින් එකේ තමයි.
තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් කරුණාරත්න කියා සිටියේ පසුගිය සමයේදී තරග පරාජ වීමට ප්‍රධානතම හේතුව ලකුණු පාලනය නොකිරීම බවයි. මෙම තත්ත්වය මත නවසීලන්ත කණ්ඩායමේ ලකුණු පාලනය කිරීම සඳහා කණ්ඩායමක් වශයෙන් ගත් ක්‍රියාමාර්ග කෙසේද යන්න මාධ්‍යෙව්දීයෙක් ප්‍රශ්න කර සිටියේය. එයට පිළිතුරු දෙමින් අකිල ධනංජය කියා සිටියේ,
“ ගාල්ල තණතීරුව කියන්නේ පිතිකරුවන්ට ඒ තරම් ලකුණු ගන්න පහසු තැනක් නෙවෙයි. ඒ නිසා අපි නිතරම උත්සාහ කරන්නේ හතර නවත්තන්න තමයි. අපි හැමෝම කතා වුනේ එක ලකුණ ගියත් කමක් නැහැ, ඒත් හතර නොදි ඉන්න උත්සාහ කරමු කියලා.“
රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරාගේ අඩුව ලේසියෙන් අපිට පුරවන්න බැහැ. ඒ නිසා ඔවුන් සිටියනම් අපිට මීට වඩා යමක් ඉගෙන ගන්න තිබුණා. නමුත් අද රංගන අයියා , දිල්රුවන් අයියා නැහැ. පියල් සර් නැහැ. ඒ නිසා අපිට අද උපදෙස් ගන්න කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා මමයි ලසිතුයි වැඩිපුර කතාවුණේ අපි හොදම දේ කරමු කියලා.
Be the first to comment