සාග් ක්‍රීඩා උළෙලට, මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන තරගාවලිය 16 වැනිදා ඇරඹේ

මෙම වසර අවසානයේ නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරන මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලිය මේ මස 16, 17 සහ 18 යන තෙදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම මළල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලිය සඳහා දිවයින පුරා විසිරී සිටින ජාතික මට්ටමේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමට නියමිතය.

මෙවර තරගාවලියේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත ඇත්තේ මළල ක්‍රීඩාව අංශය නියෝජනය කරමිනි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙනෙකු පමණ මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග ඉසව් 27කදී  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය. එහි මූලික අදියර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවක් 1039ක් පමණ සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එයින්ද දෙවැනි අදියරේදී තෝරාගනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණි. එම ක්‍රීඩකයින් සංඛ්‍යාවගෙන්ද අවසන් සංචිතය තේරීමට නියමිත අතර එය එළඹෙන ඔක්තෝම්බර් මාසය තුළදී තෝරා අවසන් කිරීමට නියමිතය.

තරගාවලිය ලබන දෙසැම්බර් මස 1 වනදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්දු නුවරදී පැවැත් වේ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.