තරග දිනන්න නම් ක්‍රීඩකයන්ට නිදහස දිය යුතුයි – දිමුත් කරුණාරත්න

තම නායකත්වය යටතේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග ත්‍රිත්වයම ජයග්‍රහණය කිරීමට ලැබීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, කණ්ඩායම සාර්ථක වීම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද ( 18 ) ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත කියා සිටියේය.

“ මම හිතන්නේ මම ගොඩක් දුරට අනෙත් ක්‍රීඩකයන්ට නිදහස දෙන්න කැමති කෙනෙක්. අපි දැක්කොත් අද වුනත් කුසල් ජනිත් පෙරේරා හා කුසල් මෙන්ඩිස් ඇවිල්ලා වේගයෙන් ලකුණු රැස් කරලා ප්‍රතිවාදීන්ට ඇටෑක් කළා. ඉතින් ඒ වගේ දේවල් තමයි වෙන්න ඕන. විශේෂයෙන් කණ්ඩායමේ ගොඩාක් අය හිනාවෙලා කියලා ඉන්න එක් තමයි අපේ වෙනස. මම ගොඩාක් දුරට ටීම් එකට දීලා තියෙන්නේ ෆ්‍රීඩම් එකයි, කන්ෆිඩන්ස් එකයි තමයි. ඉතින් ඒකෙන් එයාලා ප්‍රයෝජනයක් ගන්නවා.

<< කියවන්න – ශ්‍රී ලංකාව ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පළමු ජය ලබයි >>

මෙවැනි අවස්ථාවක ශතකයක් ලබාගැනීම සම්බන්ධයෙන් නායකයෙකු වශයෙන් කෙතරම් වැදගත් ද යන්න මාධ්‍යෙව්දීයෙකු යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දිමුත් කරුණාරත්න කියා සිටියේ,

“ මම අන්තිමට ශතකයක් ලබා ගත්තේ මේ ග්‍රව්න්ඩ් එකේම 2018 වසරේදී. මම තරග 6ක් පමණ ශතකයක් ලබාගන්න බැරුව හිටියේ. මම ඒ නිසා ටීම් එකටත් කිය කිය හිටියේ ගොඩ කාලෙකින් 100ක් ගහන්න බැරි උනා නිසා මේකේ කොහොම හරි ගහන්න ඕන කියලා. ඉතින් මම නිතරම උත්සාහ කරන කෙනෙක් ලොකු ලකුණු ප්‍රමාණයක් රැස් කරන්න. අවස්ථාවක් ලැබුණම ඉතින් උපරිම ප්‍ර යෝජනයක් ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ වගේ පිච් එකක හරි අමාරු දෙයක් 100 ක් ගහනවා කියන්නේ. ඉතින් 100ක් ගහන්න ලැබීම මටත් ලොකු කන්ෆිඩන්ස් එකක්. ඒක ඉදිරි මැච් එකට වගේම මගේ ක්‍රිකට් ගමනට ලොකු ශක්තියක්.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.