සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාහී පළමු ටෙස්ට් තරගයම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 60 ක් එක්කර ගැනීමට ද හැකි විය.
මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා පොත් අලුත් කිරීමට සමත් වූයේ, මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරග අතුරින් සිව්වැනි ඉනිමේ හඹා යමින් තරගයක් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමිනි. මීට පෙර 2014 වසරේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලබාගත් ලකුණු 99 ක ඉලක්කය සිව්වන ඉනිමේ හඹා යමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී තිබිණ.
ශ්‍රි ලංකාවට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ටෙස්ට් ජයක් ලැබීමට අවස්තාව සලසා දුන් කුසල් ජනිත් පෙරේරා, මෙම තරගයේදීද පස්වසන පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් පන්දු 19 කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 23 ක් රැස් කිරීමට සමත් වූයේ අවසන් මොහොතේ ප්‍රදර්ශනාත්මක පිතිහරඹයක නිරත වෙමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තෙක් පිටියේ රැදී සිටි ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 28ක්සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 14ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
තම ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය ලබා ගනිමින් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න පන්දු 243 කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 122ක් රැස් කිරීමට සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරමිනි.
ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 161ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට පාර කපා දුන්හ. මෙය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් ඕනෑම රටකට එරෙහිව සිව්වැනි ඉනිමේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවය වීමද විශේෂත්වයකි.
<<අකිල, පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හරවා දෙයි – Day 01>>
සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 285ක් පමණි.
ලකුණු 124 කට කඩුලු 6ක් දැවී අසීරු අඩියක පසුවූ නවසීලන්ත කණ්ඩායම ඉහළට ඔසවා තැබූ ටිම් සවුති සහ බී ජේ වොට්ලින් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 54ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. ටිම් සවුති පන්දු 62 කදී හතරේ පහරක් සමගින් ලකුණු 23ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. සවුතිගේ දැවී යාමෙන් පසු පිටියේ එක්වූ වොට්ලින් සහ විලියම් සමර්විල් 8වැනි කඩුල්ල සඳහා ලකුණු 46ක සබඳතාවයක් ගොඩ නගමින් නවසීලන්ත ඉනිමට ශක්තියක් වූහ. නවසීලන්ත දෙවැනි ඉනිම ශක්තිමත් කළ බීජේ වොට්ලින්, ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවීයන විට ලකුණු 77ක් ලබා සිටියේය.
<<මැතිවුස්, කුසල් ගොඩ නැගූ ඉනිමට දික්වැල්ලගෙන් සහ ලක්මාල්ගෙන් තල්ලුවක්-Day 02>>
පළමු ඉනිමේදී අකිල ධනංජයගේ පන්දුව හමුවේ අසරණ වූ නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන්ට දෙවැනි ඉනිමේදී ලසිත් ඇඹුල්දෙනියගේ පන්දු යැවීමේ හමුවේ යළිත් අසාර්ථක විය. නවසීලන්ත දෙවැනි ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ජිට් රාවල්ට සහ ටොම් ලේතන්ට පිටියේ සථාවර වීමට අවස්ථාව ලබා නොදුන් ධනංජය ද සිල්වා ලකුණු 4ක් ලබා සිටි ජිට් රාවල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. සිය පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී නායක කේන් විලියම්සන්ට නවසීලන්ත කණ්ඩායමට සාධාරණයක් ඉටු කිරීමට අවස්ථාවක් හිමි නොවීය. ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේ කුසල් ජනිත් පෙරේරාගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යනවිට රැස්කරගෙන සිටියේ ලකුණු 4ක් පමණි. කේන් විලියම්සන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට පෙර ද එක් ටෙස්ට් කරගයකට ක්‍රීඩාකර ඇතිමුත් එහිදී ද ඔහුට දක්ෂතා අතර එමට අවස්ථාවක් හිමි වී නැත. එහිදීද පළමු ඉනිමේදී ලකුණු නොලබාම දැවීගිය විලියම්සන්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වී ඇත්තේ ලකුණු 10ක් පමණි.
<<ශ්‍රී ලංකාව පළමු ඉනිමේ වාසිය ගනියි – Day 03>>
<<දිමුත්ගේ හා තිරිමාන්නගේ සාර්ථක ආරම්භයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනක- Day 04>>
පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වූ රොස් ටේලර්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.
සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 99කට කඩුලු 4ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25කට කඩුලු 3ක් බිද හෙලූහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – පන්දුවාර 86.1කදී කඩුලු 4කට ලකුණු 268
( දිමුත් කරුණාරත්න 122, ලහිරු තිරිමාන්න 64,ඇන්ජලෝ මැතිවුස් නොදැවී 28, කුසල් ජනිත් පෙරේරා 23, ධනංජය ද සිල්වා නොදැවී 14 )
නවසීලන්ත දෙවැනි ඉනිම – පන්දුවාර 106 කදී සියලු දෙනා දැවී ලකුණු 285
( ටොම් ලේතන් 45, හෙන්රි නිකලස් 26, බි ජේ වොට්ලින් 77, ටිම් සවුති 23, විලියම් සමර්විල් නොදැවී 40, ලසිත් ඇඹුල්දෙනිය 99/4 , ධනංජය ද සිල්වා 25/3 )
ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 93.2කදී සියලු දෙනා දැවී ලකුණු 267
( දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් 53 , ඇන්ජලෝ මැතිවුස් 50, නිරෝෂන් දික්වැල්ල 61, සුරංග ලක්මාල් 40, අජාස් පටෙල් 89/5, විලියම් සමර්විල් 83/3 )
නවසීලන්ත පළමු ඉනිම – පන්දුවාර 83.2 කදී සියලු දෙනා දැවී ලකුණු 249
( ජිට් රාවල් 33, ටොම් ලේතන් 30, රොස් ටේලර් 86, හෙන්රි නිකලස් 42, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4 )
Be the first to comment