විදූෂා ජාතික වාර්තාව තමන් සතුකර ගනිද්දී, හිරුණි දෙවැනි රන් පදක්කමත් දිනයි

මෙවර සාග් ක්‍රීඩා උළෙලට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරන 97 වැනි ජාතික මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වන අද දිනයේදී නව තරග වාර්තා කිහිපයක් සමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වීමට සමත් වූහ.

නව තරග වාර්තාවක්ද සමගින් මීටර 5.01 දක්ෂතාවයක් පෙන්නුම් කළ ඉෂාර සඳරුවන්  රිටි පැනීම තරග ඉසව්ව ජය ගැනීමට සමත් වූයේ මෙවර සාග් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගනිමිනි.

<<සුපිරි තරු රැසක් කෙළිබිම කළඹමින් සාග් උළෙලට තේරීපත් වෙති – DAY O2>>

කාන්තා තුන් පිම්ම තරග ඉසව්වේ ජාතික වාර්තාව බිදහෙලූ විදූෂා ලක්ෂානි මෙවර ජාතික මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇය එහිදී දැක්වූ දක්ෂතාවය මීටර 13.66 කි.

ඊයේ පැවැති මීටර 10000 තරග ඉසව්වේ රන් පදක්කම දිනාගත් හිරුණි විජේරත්න අද සහභාගී වූ මීටර 5000 තරග ඉසව්වේද රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

වසර 10කටත් අධික කාලයක් මීටර 3000 බාධක දිවිමේ තරග ඉසව්වේ ජාතික ශූරයා වන ආර් එම් එස් පුෂ්පකුමාර මෙවරද රන් පදක්කම දිනා ගැනීමට සමත්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.