
දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලිය මේ මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වේ. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 19 ) ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙවර තරගාවලිය මෙහෙයවීමේ වගකීම කදාන ද මැසිනඩ් විද්‍යාලයේ රිෂික යොහාන්ට හිමිව ඇති අතර කණ්ඩායමේ උප නායකත්වය ඩෙරික් නීල්ට හිමිව තිබේ.
මූලික වටයේදී ක්‍රීඩකයන් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් අවසන් ක්රීඩකන් 20 දෙනා තෝරා ගැනම සිදුවිය.
ශ්‍රී ලංකාව පළමු වටයේදී සත්කාරක ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය සහ නේපාලය සමගින් තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය – රිෂික යොහාන් ( නායක ), ඩෙරික් නීල් ( උප නායක ), තරූෂ රෂ්මික, වෙනුර ලක්මින, මොහොමඩ් ශකීල්, එරූෂ රුවංක, මලිඳු ඉනෝෂ්, තේෂාන් තුෂ්මික , ඉන්ෂාන් මොහොමඩ් මිහ්රාන්, මහිත් මන්විදු, තාරුක අශාන්ත, සයන් ඩානි, හරසර සිල්වා, ගවීෂ සෙනාල්, මොහොමඩ් සුහයිබ්, ඉනූන් මොහොමඩ් ඉෂාන්, ක්‍රිෂේන් ෂෙනාල්, නජාබ් මොහොමඩ් ඉස්ලාම්, නසීර් ෆහීම්, මොහොමඩ් හෆීල්
අරුණ සම්පත් ( ප්‍රධාන පුහුණුකරු ), නවාශ් ප්‍රින්ස් ( උප පුහුණුකරු ), දිල්රුක් ජයව ර්ධන ( කණ්ඩායම් කළමණාකරු ) , සුමෙත පෙරේරා ( භෞතචිතික්ෂක ) ජෝශප් ෂෙහාන්
තරග කාල සටහන
අගෝස්තු 21 – ශ්‍රී ලංකාව සහ භූතානය ( ප.ව 3.00 )
අගෝස්තු 23 – ශ්‍රී ලංකාව සහ නේපාලය (ප.ව 3.00 )
අගෝස්තු 25 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ( ප.ව 12.00 )
අගෝස්තු 27 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ( ප.ව 12.00 )
අගෝස්තු 31 – අවසන් මහ තරගය
Be the first to comment