යළි උපදින පකිස්තානයේ ක්‍රිකට් වසන්තයට ශ්‍රී ලංකාවෙන් සහය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 10කට පසු නැවතත් පකිස්තානයේ තරග සංචාරයකට එක් වීමට නියමිතය. ඒ, අනුව ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

දෙරට අතර ඇති සම්බන්ධතාවය පුළුල් කිරිමේ අරමුණින් මෙලෙස එක් තරගයක් හෝ පකිස්තානයේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පලකර තිබේ.  පාකිස්තානයේ සංචාරය කිරීමට ප්‍රථම එහි ආරක්ෂිත සුරක්ෂිත බව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක්  පසුගියදා කරච්චි නුවර බලා පිටත්ව ගියහ.  මෙම තරගාවලිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද්හි කණ්ඩායම් රැඳී සිටින ක්‍රීඩාංගණ සහ හෝටල් වෙත පැමිණ  එහි පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් හමුවී ඇත.

“ ආරක්ෂක කණ්ඩායමෙන් අපට ලැබුණු ප්‍රතිචාර ඉතාමත් ධනාත්මකයි. අපි පකිස්තානයට  ඒමට පෙර පක්ස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක විකල්ප තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වනවා. ඒ වගේම රජයෙන් ද මේ සම්බන්ධයෙන් විමසා බැලීමට බලාපොරොත්තු වනවා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.

පකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා සිය සත්කාරකත්වය ලබාදෙනු ලැබුවේ 2009  වසරේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩ් ප්‍රහාරයක් එල්ල වීමත් සමග පකිස්තානයේ සංචාරය කිරීමට කිසිදු කණ්ඩායමක් කැමැත්ත පළ නොකලේය. මේ හේතුවෙන් දශකයකට පසු යළිත් පකිස්තානයට ක්‍රිකට් වසන්තය පැමිණෙනු ඇත.

තිසර පේරාරාගේ නායකත්වයෙන් යුතුව 2017 වසරේදී විස්සයි 20 තරගයකට ද ශ්‍රී ලංකා කණ්ඩායම එක්විය. එහෙත් මෙම තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිය කැමැත්ත පළකර නොසිටීම විශේෂත්වයකි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.