සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයේදී ගල්කිස්ස විද්‍යා විදයාලය ලකුණු 12 – 07 කින් පරාජය කරමින් එහි ශූරතාව දිනා ගැනීමට ශාන්ත පීතර විද්‍යාලය ඊයේ ( 18 ) සමත් විය.
විද්‍යා විද්‍යාලය තරගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලි තරග රටාවක් පෙන්නුම් කරමින් තරගයට අවතීරණ වූයේ පීතරයන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි. ඒ අනුව පළමු අර්ධය අවසානයේ ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීමට විද්‍යා විද්‍යාලය සමත් විය.
පළමු කාර්තුවේදී ලකුණු 7-0 කින් පෙරමුණ ගෙන සිටි විද්‍යා විද්‍යලයෙන් එහි වාසිය උදුරාගත් සාන්ත පීතර විදයාලය දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ ප්‍රවර්ථනය සාර්ථක කර ගනිමින් ලකුණු 7-7 කින් සම කිරිමට සමත් විය.
අවසන් මොහොතේ ලබාදුන් අමතර කාලයෙන් තවත් උත්සාහ දිනුමක් සාර්ථක කරගත් සාන්ත පීතරයන් විද්‍යා විද්‍යාලයේ අවසන් බලාපොරොත්තුවද නැති කලේ මෙවර ශූරතාව සාන්ත පීතරයන්ට ලබා දෙමිනි.
පළඟ ශූරතාව වෙනුවෙන් පැවති අවසන් තරගයේදී සාන්ත ජෝශප් පිල ලකුණු 17 – 05 කින් පරාජය කරමින් එහි ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. ඩී එස් විද්‍යාලය ලකුණු 19 – 12 කින් පරාජය කරමින් බඳුන ශූරතාව දිනා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වූ අතර, පළිහ ශූරතා අවසන් තරගයේදී ධර්මරාජ විද්‍යාලය ලකුණු 45 – 14 කින් පරාජය කරමින් එහි ශූරතාව දිනා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.
Be the first to comment