වනිදු සහ අසලංක නැගී එන පිලට ජය ගෙනෙති

නායක චරිත් අසලංකගේ හා වනිදු හසරංග ද සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 186ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ ( 18 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 28.3කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 118ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සයිෆ් හසන් පන්දු 70කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ද සිල්වා ලකුණු 12කට  කඩුලු 4ක් බිද හෙලීය. ඔහුට අනගි සහයක් ලබාදුන් ශිරාන් ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ අමිල අපොන්සු අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 304ක් රැස් කිරීමට සමත් විය.

නායක චරිත් අසලංක ( 71 ) සහ වනිදු හසරංග ද සිල්වා ( 70 ) ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිහ ශක්තිමත් කරනු ලැබූහ. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග ද සිල්වා පන්දු 46කදී හයේ පහර 3ක් සහ හතරේ පහඑ 7ක් සමගින් ලකුණු 70ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට 307

( පැතුම් නිස්සංක 18, සදුන් වීරක්කොඩි 31, චරිත් අසලංක 71, ෂම්මු අඹාන් 33, කමිදු මෙන්ඩිස් 28, වනිදු හසරංග ද සිල්වා 70, අශේන් බණ්ඩාර නොදැවී 29, ෂයිදුල් ඉස්ලාම් 71/2, ශෆියුල් ඉස්ලාම් 22/2 )

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම – පන්දුවාර 28.3කදී සියලු දෙනා දැවි ලකුණු 118

( සයිෆ් හසන් 50, වනිදු හසරංග 12/4, ශිරාන් ප්‍රනාන්දු 28/2, නුවන් තුෂාර 21/2, අමිල අපොන්සු 25/2 )

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.