නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් වූ පළමු ටෙස්ට් තරගයෙන් පසු යළිත් අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ.
ගාල්ලේ දී පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරු වීමත් සමග ඔහුට මාස 9ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය. ඔහු තරග තහනමෙන් පසු එක් වූ පළමු ටෙස්ට් තරගයේදීම නවසීලන්තයට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී එක් කඩුල්ලක් සමගින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
Be the first to comment