අකිලගේ හිඩැසට දිල්රුවන් කැඳවයි

අකිල ධනංජයගේ පන්දු යැවීම නැවතත් සැක සහිත බව තරග විනිසුරුවන් ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ ස්ථානය සඳහා ආබාධයකට ලක්ව පළමු ටෙස්ට් තරගයෙන් ඉවත්ව සිටි  දිල්රුවන් පෙරේරා හදිසියේම දෙවැනි ටෙස්ට් තරගයට කැදවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අකිල ධනංජය ඔහුගේ ඉරියව්ව නැවතත් සකසා ගැනීමෙන් පසුව එහි නිරවද්‍යතාවය පරික්ෂාකර ගැනීම සඳහා මේ මස 28 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

දිල්රුවන් පෙරේරා මේ වනවිට ටෙස්ට් තරග 38කදී කඩුලු 153ක් දවා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 22 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.