අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් වර්ගීකරණයට අනුව එහි මුල් පිතිකරුවන් 10 දෙනා අතරට නැවතත් එක්වීමට දිමුත් කරුණාරත්නය හැකියාව ලැබිණ. ඒ අනුව ප්රසාද ලකුණු 716ක් හිමි කරගනිම්න් දිමුත් 8 වැනි ස්ථානයේ රැදී සිටියි.
ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට මත්තෙන් ප්රසාද ලකුණු 676ක් හිමි කරගනිමින් දිමුත් කරුණාරන්න පසුවූයේ 13 වැනි ස්ථානයේය. එහෙත් නවසීලන්තයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 39ක් සහ දෙවැනි ඉනිමේදී ලබාගත් විශිෂ්ට ශතකය ( 122 ) හමුවේ දිමුත් කරුණාරත්නය පියවර 5කින් ඉදිරියට ඒමට අවස්ථාව හිමිවිය.
දිමුත් පළමු 10 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු මීට පෙර 7 වැනි ස්ථානයේද වරක රැදී සිටියේය.
දිමුත් කරුණාරත්නට අමතරව ශ්රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් ද පියවර 3ක් ඉදිරියට පැමිණෙමින් 17 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ ඇත. නිරෝෂන දික්වැල්ලද 38 වැනි ස්ථානයේ සිට 33 වැනි ස්ථානය දක්වා පැමිණ තිබේ.
නවසීලන්තයට එරෙහි පැවති පළමු ටෙස්ට් තරගයේ, පළමු ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජයද 45 වැනි ස්තානයේ සිට 36 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ ඇත. ලසිත් ඇඹුල්දෙනියද නවතම වර්ගීකරණය අනුව 69 වැනි ස්ථානයේ රැදී සිටියි.
Be the first to comment