බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරන ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා හිමි සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත් විය. මෙම සම්මාන උළෙල ඊයේ ( 19 ) ඇන්ටිගුවාහි පැවැත්විණි.
වසරේ හොඳම එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය ෂායි හෝප් දිනා ගැනීමට සමත් වෙද්දී, කීමෝ පෝල් වසරේ හොඳම විස්සයි 20 ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය. වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වූයේ 22 වියේ පසුවන ඔෂේන් තෝමස්ටය.
ජේසන් හෝල්ඩර් මෙම වසරේ පෙබරවාරි මාසයේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, ඔහු තවමත් එම සටහනේ පෙරමුණේ පසුවෙයි.
තුන් ඉරියව් ක්‍රීඩිකා ඩියැන්ඩ්‍රා ඩොටින් වසරේ එක්දින ක්‍රීඩිකාව සහ වසරේ විස්සයි 20 ක්‍රීඩිකාවට හිමි සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූවාය.
සම්මාන දිනාගත් ක්‍රීඩකයන්
- වසරේ ටෙස්ට් ක්‍රීඩකයා – ජේසන් හෝල්ඩර්
- වසරේ එක්දින ක්‍රීඩකයා – ෂායි හෝප්ස්
- වසරේ විස්සයි 20 ක්‍රීඩකයා – කීමෝ පෝල්
- වසරේ නැගී එන ක්‍රීඩකයා – ඔෂේන් තෝමස්
- වසරේ විස්සයි 20 ක්‍රීඩිකාව – ඩියැන්ඩ්‍රා ඩොටින්
- වසරේ එක්දින ක්‍රීඩිකාව – ඩියැන්ඩ්‍රා ඩොටින්
- වසරේ පළමු පෙළ හොඳම කණ්ඩායම – ගයානා කණ්ඩායම
Be the first to comment