වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් කණ්ඩායමට හරීන් ප්‍රනාන්දුගෙන් ලක්ෂ 15 ක්

මැලේසියාවේ පැවැත්වෙන වයස 20න් පහළ ත්‍රෝ බෝල් තරගාවලියට සහභාගී වන වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ක්‍රීඩකයන්ට ලක්ෂ 15ක මුදලක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහතා අද ( 20 ) තීරණය කළේය.

මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබිණ.

නමුත් ඉතා දුෂ්කර දිවි පෙවතක් ගෙවන මෙම දරු දැරියන්ට මැලේසියාවේ පැවැත්වෙන මෙම  සංචාරය සදහා වැය වන ලක්ෂ 21 ක මුදල සොයා ගැනීම සිහිනයක් වූ බැවින් සමහර ක්‍රීඩකයින් වැලි ගොඩ දැමීමට පවා යොමු වූයේ කෙසේ හෝ මෙම මැලේසියා සංචාරය ගොස් ශ්‍රී ලංකාවට ශුරතාව ලබාදීමේ අදිටනින් යුතුවය.

මෙම පුවත දුටු සැනින් ක්‍රීඩා විෂය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම විද්‍යාලයේ විදුහල්පති හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශය වෙත ආරාධනා කළ අතර එහිදී අමාත්‍යතුමා ඔවුන් සුහදව පිළිගෙන  මෙම මැලේසියානු සංචාරය සදහා අවශ්‍ය ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 15 ක් ලබා දීමට නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.  

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.