ඇෆ්ගනිස්ථාන ක්රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්රීඩක මොහොමඩ් ශාසාඩ් හට වසරක තරඟ තහනමක් පැනවීමට ඇෆ්ගනිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
එරට ක්රිකට් ආචාරධර්ම පද්ධතියට අනුව ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායම සහභාගී නොවන වෙනත් තරඟ සඳහා සහභාගී වීම ක්රීඩකයින්ට තහනම් වේ.
කෙසේවෙතත් මොහොමඩ් ශාසාඩ් කිහිප අවස්ථාවකදීම වෙනත් තරඟ සඳහා සහභාගී වීමට විදෙස්ගත වීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව ඇෆ්ගනිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය සදහන් කළේය.
Be the first to comment