සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේදී ශ්රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
විස්සයි 20 තරගාවලිය සඳහා ක්රීඩකයන් 24 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර එම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැත.
මීට අමතරව විස්සයි20 පිලේ නායකත්වයට කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවදානය යොමු වී ඇති බව ද වාර්තා වේ.
Be the first to comment