ඉන්දියාව සහ කොදෙව්වත් ලෝක ටෙස්ට් ශූරතාවයට සැරසෙයි

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමීව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය  අද ( 22 ) ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින හා විස්සයි 20 තරගාවලිය ජයගත් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගාවලිය ද ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු වන රොහිත් ශර්මාට මෙම තරගයේදී ස්ථානයක් හිමිවේද යන්න ගැටලු සහගතය. ඒ අනුව කණ්ඩායමේ 6 වැනි පිතිකරුවා ලෙස හනුමා විහාරි හෝ රොහිත් ශර්මා ක්‍රීඩා කරනු ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. විරාට් කෝලි ආරම්භයේදීම කියා සිටියේ වේග පන්දු යවන්නන් තිදෙනෙකු උපයෝගි කර ගනිමින් තරගයට අවතීර්ණ වන හෙයින්, රවින්ද්‍ර ජඩේජා හෝ රවිචන්ද්‍රන් අශ්වින් යන අයගෙන් එක්  දග පන්දු යවන්නන්නෙකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන බවයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රකීම් කෝර්න්වොල් මෙම තරගයේදී මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

ඉන්දීය කණ්ඩායම – විරාට් කෝලි ( නායක ), කේ එල් රාහුල්, මයන්ක් අගර්වල්, චෙතේෂ්වර් පුජාරා, අජන්ක්‍යා රහානේ, රොහිත් ශර්මා/හනුමා විහාරි, රිෂාබ් පාන්ට්,රවිචන්ද්‍ර අශ්වින්/රවින්ද්‍ර ජඩේජා, ඉෂාන්ට් ෂර්මා, මොහොමඩ් ශමී, ජස්ප්‍රිට් බුම්රා

කොදෙව් කණ්ඩායම – ජේසන් හෝල්ඩර් ( නායක ), ක්‍රේග් බ්‍රැත්වෙයිට්, ජෝන් කැම්බෙල්,ෂායි හෝප්, ඩැරන් බ්‍රාවෝ, ශමෝන් හෙට්මයර්, රොස්ටන් චේස්, ෂේන් ඩවුරිච්,රකීම් කොර්න්වෝල්/කීමෝ පෝල්, කෙමාර් රොච්, ශැනෝන් ගැබ්‍රිල්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.