ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තිබේ. මේ හේතුවෙන් තරගය පැවැත්වීමට තවමත් හැකියාවක් තිබේද යන්න නිශ්චිතව සඳහන් කර නොමැත.

වර්ෂාව අවසන් වුවද ක්‍රීඩාංගණයේ ආවරණ ඉවත් කරමින් එය ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමට ගෙන ඒමට විනාඩි 90ක පමණ කාලයක් ගතවන බව ආවරණ ඉවත් කරන්නන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබේ.

 <<ශ්‍රී ලංකාව ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පළමු ජය ලබයි>>

පළමු දිනට තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් පිටියට පිවිසීමට නියමිතව තිබේ. ඒ අනුව පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට යලිත් තරග විනිශ්චකරුවන් ප්‍රකාශ කිරීමත් සමග අකිල ධනංජයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරිණ. ඒ අනුව ඔහුගේ ස්ථානය සඳහා දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා කැදවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නවසීලනත්යට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර,  ඒ අනුව තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1 – 0 කින් පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවිය.

    <<තවත් ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න>>

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.