නවසීලන්තයට එරෙහි පුහුණු විස්සයි 20 තරගයේ නායකත්වය අශාන් ප්‍රියංජනට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පුහුණු විස්සයි 20 තරගයට අදාල ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන්  යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද ( 25 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි අශාන් ප්‍රියංජනට හිමිව ඇති අතර  ඔහු නවසීලන්තයට එරෙහිව පැවැති පුහුණු ටෙස්ට් තරගයේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය දැරීය.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි තරගාවලියට නම් කරන ලද ක්‍රීඩකයන් 7 දෙනෙකුම පුහුණු තරගයට ද නම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග, ලහිරු මදුෂංක, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත ඒ අතර වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ නවසීලනන්ත කණ්ඩායම අතර පුහුණු විස්සයි 20 තරගය මේ මස 29 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – අශාන් ප්‍රියංජන ( නායක ), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවිකුම , භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග, ලහිරු මධුෂංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.