කුසල් මෙන්ඩිස්ට ගැලපෙනම තැන මොකක්ද ?

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද, එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ සිදුවූ වෙනසත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම යම් ප්‍රවනතාවයක් පෙන්නුම් කළබව ඇතමුන් මතපළ කරති.

සාමාන්‍යෙයන්  ටෙස්ට් හා එක්දින අංශයේ අංක 3 හා 4 ස්ථාන හොඳින්ම ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස්ට විස්සයි 20 අංශයේ ආරම්භක පිතිකරු භූමිකාව ද ගැලපෙන බව ඔහු  නවසීලන්තයට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයේදී පෙන්නුම් කළේය.

කුසල් මෙන්ඩිස් මේ වනවිට විස්සයි 20 තරග 20කට පමණක් ක්‍රීඩාකර ඇති අතර එහිදී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 433කි. ඔහුගේ එම ඉනිම් 20 න් ඉනිම් 9කදීම ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙමින් දක්ෂතා දැක්වීමට සමත්ව ඇත්තේ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 338ක් ලබා ගැනීමත් සමගය.

පළමු විස්සයි 20 තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් කුසල් මෙන්ඩිස් කියා සිටියේ,

“ ටීම් එකේ අවශ්‍යතාවය මත තමයි මම ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසියේ. මට ඒත් ඒක විශේෂ දෙයක් නොවේ මම මීට කලින් ආරම්භක පිතිකරුවෙකු ලෙස ඇවිත් ලකුණු ගහලා තියෙනවා. ඉතින් මම හිතනවා මම සාධරණයක් ඉටුකළා කියලා. ඒ නිසා මම කැමතියි විස්සයි 20 තරග රටාව තුළ මට ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවනම්. නමුත් එක්දින හා ටෙස්ට් තරග වලදී මම අංක 4 පිතිකරුවා ලෙස හොඳින් ලකුණු අතරට ඇවිත් තියෙන නිසා මම හිතනවා ඒ දෙකේදී එම අංශයේ ක්‍රීඩා කළොත් හොඳයි කියලා.

කුසල් මෙන්ඩිස් විස්සයි 20 තරග රටාවේ ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක වූවා සේම, ටෙස්ට් පිටියේ ද ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක බව ඔහුගේ දත්ත පිරිස්සීමේදී සොයා ගැනීමට හැකි වේ. ඔහු ටෙස්ට් ඉන්මි 9කදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පිතිකරණ සාමන්‍ය 56.44 ක් අගයක් පවත්වා ගනිමින් ලකුණු 508 ක් රැස් කිරීමට සමත්ව ඇත. එයට ශතක 2ක් සහ අර්ධ ශතකයක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. එහෙත් කුසල් මෙන්ඩිස් ටෙස්ට් අංශයේ වැඩිම තරග ප්‍රමාණයක් ක්‍රීඩාකර ඇත්තේ අංක 4 පිතිකරුවා ලෙසින්ය. ඔහු එහිදී තරග 39කදී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 1204 ක් ලබා ගැනීමට සමත්ව ඇත.

නමුත් එක්දින තරග රටාව තුළ ඔහු වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකර ඇත්තේ අංක 3 පිතිකරුවා ලෙසය. ඔහු එහිදී ඉනිම් 40 කදී පිතිකරණ සාමන්‍ය 29.36 පමණ වේගයක් පවත්වා ගනිමින් ලකුණු 1145ක් රැස් කිරීමට සමත්ව ඇත.

කුසල් මෙන්ඩිස් විස්සයි 20 ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකළ පිතිකරණ ස්ථාන සහ දත්ත

ස්ථානය

ඉනිම්

නොදැවී 100s 50s 0s වැඩිම ලකුණු  ලකුණු

සාමාන්‍යය

ආරම්භක පිතිකරු

9

0 0 5 0 79 338

37.56

3

5 0 0 0 1 21 43 8.60

4

2

0

0 0 0 17 22 11.00

5

2

0

0

0

0

22

27

13.50

6 2 0 0 0 0 2 3

1.50

සමස්තය 20 0 0 5 1 79 433

21.65

කුසල් මෙන්ඩිස් ටෙස්ට්  ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකළ පිතිකරණ ස්ථාන සහ දත්ත

ස්ථානය

ඉනිම් නොදැවී 100s 50s 0s වැඩිම ලකුණු   ලකුණු

සාමාන්‍යය

ආරම්භක පිතිකරු

9 0 2 1 0 196 508

56.44

3

27 1 2 3 2 194 894

34.38

4

39 2 2 5 4 176 1204

32.54

5

4 0 0 1 0 87 148

37.00

සමස්තය

79 3 6 10 6 196 2754

36.24

කුසල් මෙන්ඩිස් එක්දින  ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකළ පිතිකරණ ස්ථාන සහ දත්ත

ස්ථානය

ඉනිම් නොදැවී 100s 50s 0s වැඩිම ලකුණු    ලකුණු

සාමාන්‍යය

ආරම්භක පිතිකරු

2 0 0 0 2 0 0

0.00

3

40 1 1 10 5 102 1145

29.36

4

24 2 0 5 2 94 734

33.36

5

3 0 0 1 0 60 86

28.67

6

1 0 0 0 1 0 0

0.00

8

1 0 0 0 0 8 8

8.00

සමස්තය

71 3 1 16 10 102 1973 29.01

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.