ලොකී ෆර්ගිවුසන්ට විස්සයි 20 තරගාවලිය මග හැරෙයි

නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගිවුසන්ගේ මහපටගිල්ලේ අස්ථි බිදී යාමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කර තිබේ.

පළමු විස්සයි 20 තරගයට පෙර පැවති පුහුණු සැසියේදී ෆර්ගිවුසන් මෙලෙස ආබාධයට ලක්විය. ඔහු එක්ස් – කිරණ පරික්ෂණයට භාජනය කිරීමෙන් අනතුරව අස්ථි බිදී යාමක් සිදු වී ඇති බව වෛද්‍යවරුන් තහවරු කර තිබේ. ඒ අනුව ඇගිල්ල සම්පූර්ණයෙන් සුවවීමට නම් සති 4 ක හෝ 6 ක පමණ කාලයක්  ගතවනු ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ. නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් පවසා ඇත්තේ ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉක්මනින්ම නවසීලන්තය කරා පිටත්ව යාමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි 20 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වූ අතර දෙරට අතර දෙවැනි විස්සයි 20 තරගය හෙට ( 03 ) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.