කෝලි පහළට ඇද දමමින් ස්මිත් පෙරමුණ ගනියි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ ඉන්දීය නායක විරාට් කෝලි දෙවැනි තැනට ඇද දමමින්  එහි පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සමත්ව තිබේ. මෙම යාවත්කාලීන කිරීම මේ මස 2 වැනිදා සිදුවිය.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0 කින් ජය ගැනීමට විරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් වුවද, දෙවැනි තරගයේදී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට විරාට් කෝලිට සිදුවිය. කෝලි ලකුණු නොලබාම දැවීයාම ඔහුගේ ස්ථානය සඳහා යම් බලපෑමක් කරන්නට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

ස්ටිව් ස්මිත් පසුගිය වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම හේතුවෙන් වසරක පමණ කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ අතර ඒ අනුව ඔහු යළිත් ටෙස්ට් පිටියට පිවිසියේ මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලියත් සමගිනි. එහිදී ආරම්භක ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කරමින් නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට ස්මිත් සමත් විය.

හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එක්ව සිටින ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මීටපෙර වර්ගීකරණයට අනුව එහි 6 වැනි ස්ථානයේ රැදී සිටියද නවතම වර්ගීකරණය අනුව ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

නවසීලන්ත නායක කේන් විලියම්සන්, චෙතේෂ්වර් පුජාරා හා හෙන්රි නිකලස් මෙහි පිළිවෙලීන් තෙවැනි, සිව්වැනි සහ පස්වන ස්ථාන හිමිකරගෙන සිටිති.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.