නවෝද්,නිපුන් සහ අශාන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

නවෝද් පරණවිතානගේ සහ නිපුන් ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතාවයත්, අශාන් වික්‍රමසිංහගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති යොවුන් ආසියානු කුසලාන තරගයෙන් ලකුණු 52ක ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි තරගයද ජයග්‍රහණය කිරීමට අද (08 )  සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 327ක දැවැන්ත ඉලක්කය හඹාගිය එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට රැස්කර ගතහැකි වූයේ ලකුණු 274ක් පමණි.

එක්සත් අරාබි අමීර් රාජ්‍ය කණ්ඩායමේ සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි අන්ෂ් ටැන්ඩන් තරගයේ අවසානය තෙක් රැදී සිටිමින් නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් වුවද එය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවීය. පන්දු 102 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ඔසාමා හසන් පන්දු 46කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 55ක් රැස් කිරීමට සමත් විය.

එක්සත් අරාබි අමීර් රාජ්‍ය කණ්ඩායමේ ජයග්‍රහණය අවහිර කළ තුන් ඉරියව් ක්‍රීඩක නවෝද් පරණවිතාන ලකුණු 54කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් විය. ඔහුගේ සහයට එක් වූ රොහාන් සංජය සහ නිපුන් ධනංජය කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූහ.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 326ක් රැස් කිරීමට සමත් විය.

සාර්ථක ආරම්භයක් ලබාදුන් නවොද් පරණවිතාන පන්දු 60 කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය. නායක නිපුන් ධනංජය ( ලකුණු 60 ) සහ අශාන් වික්‍රමසිංහ ( ලකුණු 73 ) බැගින් ලබා ගනිම්න් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාවෙන් එපිටතට ගෙන යාමට කටයුතු කළහ.

පන්දු යැවීමේදී රාෂාබ් මුකර්ජි ලකුණු 65කට කඩුලු 3ක් සහ පලනිආපන් මෙයියප්පන් ලකුණු 70කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.