වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පළමු වටයේ පැවති අවසන් තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද ( 10 ) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 274ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 47.5කදී සියලු දොනදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 231ක් පමනි.
ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේදී සුපුරුදු දක්ෂතා අතරට ඒමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ට අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්තානය සමගින් තරග වැදීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී තරගවැදීමට සිදු වන්නේ ඒ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායමට සමගිනි. ඒ අනුව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයේදී එකිනෙකා හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සුරාජ් සංජය පන්දු 36කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 273ක් රැස් කිරීමට සමත් විය.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ මහ්මදුල් හසන් පන්දු 140 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමගින් වේගවත් ලකුණු 126ක් රැස් කිරීමට සමත් වූයේ බංග්ලාදේශ කන්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් තවුහිද් රිදෝයි ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුෂංක ලකුණු 54කට කඩුලු 3ක් සහ අශාන් ඩැනියෙල් ලකුණු 39කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
Be the first to comment