45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරග පසුගියදා බදුල්ල පුස්තකාල ශ්රවනාගායේදී පැවති අතර එහිදී කාන්තා හා පිරිමි අංශයන්හි කණ්ඩායම් ශූරතා ද්විත්වයම දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් විය.
කාන්තා කණ්ඩායම් තරග අනුශූරතාව සබරගමු පළාත දිනා ගනිද්දී එහි පිරිමි අංශයේ අනුශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බස්නාහිර පළාත නියෝජනය කළ ඩබ්.ඩී නිශාන්ත ප්‍රනාන්දු දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය බස්නාහිර පළාතේ ම ජෝසප් රොෂෙල් දිනා ගත්තාය.
කාන්තා කේවල අංශය
පළමු ස්ථානය – බස්නාහිර පළාත
දෙවැනි ස්ථානය – සබරගමු පළාත
තෙවැනි ස්ථානය – උතරු පළාත
පිරිමි කේවල අංශය
පළමු ස්ථානය – බස්නාහිර පළාත
දෙවැනි ස්ථානය – ඌව පළාත
තෙවැනි ස්ථානය – වයඹ පළාත
කාන්තා යුගල අංශය
පළමු ස්ථානය – බස්නාහිර පළාත
දෙවැනි ස්ථානය – උතුරු පළාත
තෙවැනි ස්ථානය – ඌව පළාත
පිරිමි යුගල අංශය
පළමු ස්ථානය – බස්නාහිර පළාත
දෙවැනි ස්ථානය – උතුරැ පළාත
තෙවැනි ස්ථානය – මධ්‍යම පළාත
Be the first to comment