යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග (12 ) අද පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාව එයට හරස් වීම හේතුවෙන් එකදු පන්දුවක්වත් ක්‍රීඩා නොකරම යොවුන් ආසියානු කුසලානයේ සිහිනය අතහැර දැමීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙන්ම ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායමට සිදුවිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය කොළඹ පී සරා ඒවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තිබුණු අතර අද දිනය පුරාම ඇද වැටුණු දාරානිපාත වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමටවත් අවස්ථාවක් හිමි නොවීය. මේ හේතුවෙන් මුළික වටයේදී තරග 3ම ජයගෙන සිටි ඉන්දියාව නිතරගයෙන්ම අවසන් මහ තරගයට සුදුකම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව මෙන්ම ඇෆ්ගනිස්තානය ද මෙවර සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් ඇස්පිහ නොහෙලා බලා සිටියේ යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුවය. එහෙත් දිවයින පුරාවටම අද දිනයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තිනය අතර තරගය ද එකදු පන්දුවාරයක්වත් ක්‍රියාත්මක නොකර අතහැර දැමීමට තරග තීරකයන්ට සිදුවිය. ඒ හේතුවෙන් බී කාණ්ඩයේ තරග 3ම ජයගෙන පෙරමුණ ගෙන සිටි බංග්ලාදේශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහ තරගය මේ මස 14 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Be the first to comment