ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව හා ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව නමවැනි වරටත් සංවිධානය කරන ‘වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 22 වැනිදා උඩවලව ජාතික වන උද්‍යනය අසල පිහිටි සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා දිවයිනේ ප්රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.
ඉසව් 23 කින් සමන්විත වන මෙම තරගාවලියට මෝටර් රථ තරග 13 ක් සහ යතුරුපැදි ඉසව් 12 ක් ඇතුළත්වේ.
පසුගිය වසරේ (2018) පැවැති වලව සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අෂාන් සිල්වා සම්මාන දිනාගත් අතර ඉවෝන් බී. ගුරුසිංහ එවර දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.
Be the first to comment