පකිස්තාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවටව කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොමැති බව එරට රජය පවසයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇති වාර්තාවක් අනුව මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ ක්‍රිකට් ආයතනයට දැනුම්දීම පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් සපයන බවයි.
කොමාන්ඩෝ භටයන් 8500 දෙනෙකු ඒ වෙනුවෙන් යෙදවීමටත්, වෙඩි නොවදින රථ යොදාගනිමින් ක්‍රීඩාංගණය සහ හෝටලය අතර ගමන් කටයුතු සිදුකිරීමටත්, ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටල් පරිශ්‍රයට වෙනත් කිසිදු පුද්ගලයකුට ඇතුළු වීමට නොහැකි වන ආකාරයේ පුලුල් ආරක්ෂාවක් ලබාදීමටත් පකිස්තාන බලධාරීන් එහිදී එකඟවී තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිගමනය කළේ පාකිස්තානයේ සංචාරය කිරීමටය. මේ සඳහා සහභාගිවන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් දස දෙනෙක් එරට සංචාරය නොකිරීමට තීරණය කළ අතර පසුව ළහිරු තිරිමාන්නගේ සහ ෂෙහාන් ජයසූරියගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් ඒ වෙනුවෙන් සහභාගි කරවීමට තීරණය කෙරිණි. ඉන්දීය රජය විසින් තම රටේ සංචාරය නොකරන ලෙස පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කරන බවට එරට විද්‍යා හා තාක්ෂ අමාත්‍යවරයා කටයුතු කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.
Be the first to comment