ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ නායකත්වය සෆ්රාස්ට

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි 20 තරගාවලියේදී පකිස්තාන කණ්ඩායමේ නායකත්වය යළිත් සෆ්රාස් අහමඩ්ට ලබා දීමට එරට  ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව කණ්ඩායමේ උප නායකයා ලෙස බාබර් අසාම් කටයුතු කරනු ලැබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම පකිස්තානය ඉවත් වීම සමග සෆ්රාස් අහමඩ් සහ හිටපු පකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පකිස්තානය ක්‍රිකට් ආයතනය තරගාවලියෙන් තරගාවලියට නායකයෙකු පත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව සෆ්රාස් අහමඩ්ගේ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුවද අලුතින් පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ ම්ස්බා උල් හක් ඇතුළු පකිස්තාන ක්‍රිකට් ආයතනය නැවතත් සෆ්රාස් අහමඩ් නායකත්වයේ රැදවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සමගින් ක්‍රීඩා කිරීමට නියමිත පකිස්තාන සංචිතය සඳුදා ( 16 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු එක්දින තරගය මේ මස 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතය.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.