සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් අළු බඳුන ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද ( 14 ) දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා සිටියේය. එ අනුව එංගලන්ත කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට වඩා කඩුලු 2ක් ඇතැතිව තවත් ලකුණු 382ක් ඉදිරයෙන් පසුවෙයි.
ජොෆ්රා ආචර් ( නොදැවී ලකුණු 3 ) සහ ජැක් ලීච් ( නොදැවී ලකුණු 5 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.
එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෝ ඩෙන්ලි ලකුණු 94ක් ලබා සිය ශතකය පෙනී පෙනී තිබියදී පීටර් සිඩෙල්ගේ පන්දුවක් හමුවේ ස්ටිව් ස්මිත්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත් වීමට සිදුවිය. බෙන් ස්ටොක්ස් ද සිය පිත්තෙන් කණ්ඩායමට උපරිම සාධරණයක් ඉටු කරමින් පන්දු 115කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී නේතන් ලයන් ලකුණු 65කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් පීටර් සිඩෙල් සහ මිචෙල් මාෂ් කඩුලු 2 බැගින් බිද හෙලූහ.
හෙට (15 ) තරගයේ සිව්වන දිනයයි.
එංගලන්ත දෙවැනි ඉනිම ( තෙවැනි දිනට තරගය නතර කරන විට ) – කඩුලු 8කට 313
(ජෝ ඩෙන්ලි 94, බෙන් සටොක්ස් 67, ජොස් බට්ලර් 47, ජෝෆ්රා ආචර් නොදැවී 3, ජැක් ලීච් නොදැවී 5, නේතන් ලයන් 65/3, මිචෙල් මාෂ් 40/2, පීටර් සිඩෙල් 52/2 )
Be the first to comment