මුජිබර් සහ නබී ඇෆ්ගනිස්තානයට ජය ගෙනෙති

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තින කණ්ඩායම ( 15 ) ඊයේ සමත් විය. ඒ අනුව ඔවුන් සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 165ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 139ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මහමදුල්ලා පන්දු 39කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 39ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවිමක නිරත වූ මුජිබර් රහුමාන් ලකුණු 15කට කඩුලු 4ක් බිද හෙලීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තින කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් නබී පන්දු 54කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වූයේ තරගයේ වීරයා සම්මානයද හිමි කරගනිමිනි.

බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් සයිෆුදීන් ලකුණු 33කට කඩුලු 4ක් බිද හෙලීය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.