ස්මිත් සහ කම්න්ස් ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණ ගනිති

ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සහ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත.

ප්‍රසාද ලකුණු 937ක් හිමිකර ගෙන සිටින ස්මිත්, දෙවැනි ස්ථානයේ රැදී සිටින ඉන්දීය නායක විරාට් කෝලිට වඩා ප්‍රසාද ලකුණු 34කින් පෙරමුණ ගෙන සිටියි. ස්මිත් මෙවර අළු බඳුන තරගාවලිය ආරම්භ කිරීමට පෙර මෙම සටහනේ රැදී සිටියේ ප්‍රසාද ලකුණු 857ක් සමගින් සිව්වන ස්ථානයේය. ඔහු මෙවර තරගාවලියේ ඉනිම් 10 තුළදී, ලකුණු 774ක් රැස් කිරීමට සමත් විය.

පිතිකරණ අංශයේ මෙන්ම පන්දු යවන්නන්ගේ සටහනේ ද පෙරමුණ ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පැට් කමින්ස් කඩුලු 29ක් බිද හෙලමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. ඔහු ටෙස්ට් පන්දුයවන්නන්ගේ සටහනේ පෙරමුණේ රැදී සිටිනුයේ ප්‍රසාද ලකුණු 908ක් හිමිකර ගනිමිනි.

ඔවුන්ට අමතරව මෙවර අළු බඳුන තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසි මැතිව් වේඩ් ස්ථාන 32ක් ඉදිරියට පැමිණෙමින් පිතිකරුවන්ගේ සටහනේ 78වන ස්ථානයේත්, මිචෙල් මාෂ් ස්ථාන 20ක් ඉදිරියට පැමිණෙමින් පන්දුයවන්නන්ගේ සටහනේ 54වන ස්ථානයේත් රැදී සිටිති.

එංගලන්ත පිතිකුරවන් වන ජොස් බට්ලර් හොඳම පිතිකරුවන් 30 දෙනා අතරට පිවිසෙද්දී, රොරී බර්න්ස් ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් 56 වන ස්ථනයේ රැදී සිටියි. ජෝ ඩෙන්ලි මෙවර තරගිවලියේදී ලකුණු 94ක් රැස් කිරීමත් සමග ඔහුට 57 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථව හිමි විය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වන ජොෆ්රා ආචර් තමන් සහභාගී වූ පළමු ටෙස්ට් තරගාවලියේදීම කඩුලු 22 ක් තමන්ගේ ගිණුමට එක්කර ගැනීමට සමත් වූයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ සටහනේ 37 වැනි ස්ථානය හිමිකරගනිමිනි.

මෙවර තරගාවලියේ අසාර්ථකම පිතිකරුවා බවට පත්වූ ඩේවිඩ් වෝනර්ට ඔහු මුහුණ දුන් ඉනිම් 10 තුළදීම රැස්කර ගතහැකි වූයේ ලකුණු 95ක් පමණි. ඒ අනුව ඔහුට මෙම වර්ගීකරණයේ හිමිව ඇත්තේ 24 වැනි ස්ථානයයි.

නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ සටහන

ස්ථානය

(+/-)

පිතිකරු

කණ්ඩායම

ප්‍ර.ල

සාමාන්‍ය

ලැබූ ඉහළම ප්‍ර.ල

1

( – )

Steve Smith

     Aus

937 64.56

947 v SA at Durban 2018

2

( – ) Virat Kohli    India 903 53.14

937 v Eng at Southampton 2018

3

( – ) K Williamson     NZ 878 52.22

915 v Ban at Hamilton 2019

4

( – ) C Pujara    India 825 49.87

888 v SL at Nagpur 2017

5

( – ) Henry Nicholls      NZ 749 44.25

778 v Ban at Wellington 2019

6

( – ) Joe Root    Eng 731 47.91

917 v Aus at Trent Bridge 2015

7

( – ) A Rahane   India 725 42.23

825 v NZ at Indore 2016

8

( – ) Tim Latham    NZ 724! 44.03

724 v SL at Colombo (PSS) 2019

9

( – ) D Karunaratne    SL 723 36.93

754 v SA at Colombo (SSC) 2018

10

( – ) Aiden Markram    SA 719* 43.8 759 v Aus at Johannesburg 2018

 නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ සටහන

ස්ථානය

(+/-) පන්දු යවන්නා කණ්ඩායම ප්‍ර.ල සාමාන්‍ය

ලැබූ ඉහළම ප්‍ර.ල

1

( – ) Pat Cummins    Aus 908 21.45

914 v Eng at Old Trafford 2019

2

( – ) K Rabada    SA 851 21.77

902 v Aus at Port Elizabeth 2018

3

( – ) J Bumrah   India 835*! 19.24

835 v WI at Jamaica 2019

4

( – ) Jason Holder    WI 814 ! 27.26

814 v India at Jamaica 2019

5

( – ) V Philander   SA 813 21.64

912 v India at Johannesburg 2013

6

( – ) J Anderson  Eng 798 26.94

903 v India at Lord’s 2018

7

( – ) Trent Boult   NZ 795 27.35

825 v Eng at Lord’s 2015

8

( – ) Neil Wagner   NZ 785 27.51

801 v Ban at Wellington 2019

9

(+1) Kemar Roach   WI 780! 26.94

780 v India at Jamaica 2019

10

(+1) M Abbas  Pak 770* 18.86

838 v NZ at Abu Dhabi 2018

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.