තිරිමාන්න හදිසි ආබාධයක

තරුපති වීරසිංහ.

එළඹෙන පාක්සිතන ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලහිරු තිරිමාන්න පුහුණු වීම් අතරතුර ආබාධයකට ලක්ව තිබේ.

මේවනවිට කණ්ඩායමේ භෞතික චිකිත්සක ගේ අධික්ෂණයේ පසුවන තිරිමාන්නගේ තත්ත්වය පිළිබඳව සිකුරාදා වනවිට නැවත පිරික්සීමට නියමිතයි.

කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් ට අනුව තිරිමාන්න දුවද්දී ඔහුගේ පිටේ වේදනාවක් ඇති බවට පැමිණිලි කර ඇති අතර එය එතරම් බරපතල තත්ත්වයක් නොවේ.

” තිරිමාන්න ට යම් අබාධිත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. භෞතික චිකිත්සක ට අනුව බරපතල දෙයක් නොවෙයි. ඔහුට ඉක්මනින් සුවය ලැබෙයි කියලා විශ්වාස කරනවා”

එක්දින හා විස්සයි විස්ස සංචිතය මේවන විට ව්‍යායාම් පුහුණුවීම්වල යෙදී සිටින අතර ඔවුන්ගේ පළමු පුහුණු සැසි සැප්තැම්බර් 19 සහ 20 යන දිනවල ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි පහන් යටතේ පැවැත්වෙන බව අසන්ත ද මෙල් වැඩි දුරටත් පැවසිය.

“කණ්ඩායම ඔවුන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන අතර සූදානම් වෙමින් සිටින අතර, ඔවුන් නිශ්කාෂණය ලබා ගත් පසු ඔවුන් යාවි” යැයි ද මෙල් පැවසීය.

පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකාව එක්දින සහ විස්සයි 20 තරග සඳහා වෙනම සංචිත දෙකක් නම් කල අතර තිරිමාන්නන්ගේ නායකත්වය යටතේ එක්දින තරග සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ද සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් විස්සයි 20 තරග සඳහා නම් කර තිබේ. සංචිත දෙක අතර එක් ක්‍රීඩකයෙකුගේ පමණක් වෙනසක් ඇති බැවින් කණ්ඩායම් එකට පිටව යනු ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.