
45 වැනි ජාතික මහ ක්රීඩා උළෙලේ වොලිබෝල් තරග ඊයේ (17) නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත්තේය.
සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි අංශයේ පැවති අවසන් තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් කන්ඩායම සමත් විය. මෙහි තෙවැනි ස්ථානය ඌව පළාත් කණ්ඩායමට හිමිවිය.
බස්නාහිර කණ්ඩායමට අභියෝග කළ වයඹ පළාත් කාන්තා කණ්ඩායම තරග වට 3-1 කින් පරාජය කරමින් මෙවර ශූරතාව තමන් සතුකර ගැනීමට සමත්විය. කාන්තා අංශයේ තෙවැනි ස්ථානය සබරගමු පළාත් කණ්ඩායම දිනා ගත්තේය.
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය බස්නාහිර පළාතේ ජනිත සුරත් දිනාගත් අතර දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය වයඹ පළාතේ දිනේෂා ප්රසාදිනි දිනා ගත්තාය.




Be the first to comment