මිස්බාගෙන් අලුත් කෑම වට්ටෝරුවක් – 20 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතය වැඩ අරඹයි

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සාර්ථක අයුරින් පවත්වා ගැනීමට අවශ්‍ය කෑම වට්ටෝරුවක් මෙන්ම එයින් බුරියානි, රතු මස් වර්ග ,මේද සහිත ආහාර සහ පැණි රස ආහාර ඉවත් කරමින් එම වට්ටෝරුවට පළතුරු සහ එළවළු වර්ග වැඩිපුර එකතු කිරීමට පකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවේ ද ප්‍රධානියා ලෙස කටයුතු කරන මිස්බා උල් හක් තීරණය කර තිබේ.

මිස්බා උල් හක් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වීමෙන් පසු මුහුණ දෙන පළමු තරගාවලිය වන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 27 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියයි. ඔහු ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කළහැකි සාර්ථක කණ්ඩායමක් සොයා ගැනීමේ අරමුණින් මේ වනවිට ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුතු පුහුණු සංචිතයක් පත් කර සිය පුහුණුවීම් කටයුතු කරගෙන යන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම ස්ථානය අහිමිව සිටි ආරම්භක පිතිකරු අහ්මඩ් ශෙෂාඩ් සහ මැදපෙළ පිතිකරුවෙකු වන උමර් අක්මාල් නැවතත් පකිස්තාන කණ්ඩායමට එක් කිරීමට මිස්බා උල් හක් තීරණය කර තිබේ.

මිස්බා උල් හක් ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායමේ කටයුතු කරද්දී, වකාර් යුනිස් පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ.

පුහුණු සංචිතය – ( සෆ්රාස් අහමඩ් ( නායක ), බාබර් අසාම් ( උප නායක ), අබිඩ් අලි, ෆහීම් අෂ්රෝන්,අහමඩ් ශෙෂාඩ්, අසීෆ් අලී,ෆකාර් සමාන්,හැරිස් සොයිල්,හසන් අලී, ඉෆ්ටිකර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් හස්නෙයින්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, ශධාබ් ඛාන්, උමාර් අක්මල්,උස්මන් ශාන්වාරි,වහාබ් රියාස්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.