
සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සමගින් පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලියේ සහ එක්දින තරගාවලියේ නායකත්වය අශාන් ප්‍රියංජනට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ආබාධයට ලක්ව සිටි අසේල ගුණරත්න ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට යළිත් කැදවා ඇති අතර මලින්ද පුෂ්පකුමාර ද ටෙස්ට් සංචිතයට එක්කර තිබේ.
දෙරට අතර පළමු සිව්දින තරගය මේ මස 23 වෙනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ඒ එක්දින සංචිතය – අශාන් ප්‍රියංජන ( නායක ), පැතුම් නිස්සංක, සඳුන් වීරක්කොඩි, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, පියුමාල් පෙරේරා,අශාන් බණ්ඩාර,රමේෂ් මෙන්ඩිස්,අමිල අපොන්සු,ජෙෆ්රි වැන්ඩසේ, විශ්ව ප්‍රනාන්දු,චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු,ඉෂාන් ජයරත්න,ශිරාන් ප්‍රනාන්දු,ශම්මු අශාන්, අසේල ගුණරත්න
ශ්‍රී ලංකා ඒ ටෙස්ට් සංචිතය – අශාන් ප්‍රියංජන ( නායක ), පැතුම් නිස්සංක, සංගීත් කුරේ,ළහිරු උදාර, කමිදු මෙන්ඩිස්, පියුමාල් පෙරේරා, අශේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර,චරිත් අසලංක, රොමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්,මලින්ද පුෂ්පකුමාර, ප්‍රභාත් ජයසූරිට, විශ්ව ප්‍රනාන්දු,චාමික කරුණාරත්න,අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්,ශිරෝන් ප්‍රනාන්දු,ජෙෆ්රි වැන්ඩසේ
Be the first to comment