ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම නැවතත් නීති විරෝධි බව ඔප්පු වීමත් සමග වසරක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය අතරවාරයේදී අකිල ධනංජයගේ පන්දු යැවීම නීති විරෝධි බව තරග විනිසුරුවන් පෙන්වා දුන්නේය. ඒ අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි දැයි පරික්ෂා කිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පන්දු යැවීම නීති විරෝධි බව අද දිනයේදි නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ඔහුට වසරක කාලයක් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන අතර එය 2020 වසරේ අගෝස්තු 29 වැනිදා දැක්වා බල පැවැත්වේ.
Be the first to comment