9 වැනි වරටත් පවත්වනු ලබන ලෝක කුසලාන රග්බි තරගාවලිය සත්කාරක ජපානය සහ රුසියාව අතර තරගයෙන් හෙට ( 20 ) ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 4.15 ට ආරම්භ වේ.
කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කරමින් සහභාගී වන එකම රට වන්නේ ද ජපානයයි. එසේම ආසියාතික රටක් රග්බි ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදෙන පළමු වතවාද මෙය වීම විශේෂත්වයකි.
ඒ කාණ්ඩය – අයර්ලන්තය, ස්කොට්ලන්තය, ජපානය, රුසියාව, සැමෝවා
බී කාණ්ඩය – නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉතාලිය, නැමීබියාව, කැනඩාව
සී කාණ්ඩය – එංගලන්තය,ප්‍රංශය, ආජන්ටිනාව, ඇමරිකාව, ටොන්ගා රාජ්‍ය
ඩී කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, වේල්සය, ජෝර්ජියාව, ෆීජී රාජ්‍ය, උරුගුවේ
ක්‍රීඩාංගණ 12කදී පැවැත්වීමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 48ක් වන අතර අවසන් මහ තරගය නොවැම්බර් 2 වැනිදා යෝකෝහාමාහිදී පැවැත්වීමට නියමිතය.
Be the first to comment