ශ්‍රී ලංකා කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය යම් වෙනසකට ලක් කරමින් එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයෙවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මීට පෙර ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 කාන්තා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු විසින් දැරූ අතර ඇය නායකත්වයේ පීඩනයෙන් තරමක් ඈත් කිරීමේ අරමුනින් සශිකලා සිරිවර්ධනට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදුන් බව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.
ඒ අනුව චමරි අතපත්තු විස්සයි 20 කණ්ඩායමේ තවදුරටත් නායකත්වය දරනු ලැබේ. ඕස්ට්‍රේලියාව සමගින් විස්සයි 20 තරග 3ක් සහ එක්දින තරග 3කට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වීමට නියමිතය. තරගාවාලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මස 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යන අතර, දෙරට අතර පළමු විස්සයි 20 තරගය මේ මස 29 වැනිදා උතුරු සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය – ශෂිකලා සිරිවර්ධන ( නායිකා ), හර්ෂිතා මාධවි, චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනි, හංසිමා කරුණාරත්න,යශෝධා මෙන්ඩිස්,නිලක්ෂි ද සිල්වා, ඩිලානි මනෝදරා,ඕෂධි රණසිංහ, ඉනෝකා රණවීර,සුගන්ධිකා කුමාරි,ඉනෝෂි ප්‍රනාන්දු,අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනි, අමා කාංචනා
ශ්‍රී ලංකා කාන්තා විස්සයි 20 සංචිතය – චමරි අතපත්තු ( නායිකා) හර්ෂිතා මාධවි, ශෂිකලා සිරිවර්ධන, අනුෂ්කා සංජීවනි, හංසිමා කරුණාරත්න,යශෝධා මෙන්ඩිස්,නිලක්ෂි ද සිල්වා, ඩිලානි මනෝදරා,ඕෂධි රණසිංහ, ඉනෝකා රණවීර,සුගන්ධිකා කුමාරි,ඉනෝෂි ප්‍රනාන්දු,අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනි, අමා කාංචනා
අතිරේක – හසිනි පෙරේරා,ප්‍රසාදිනි වීරක්කොඩි,සත්‍යා සන්ධිපනි,සචිනි නිසංසලා, මධුෂිකා මෙත්තානන්ද
Be the first to comment