ලෝක කුසලාන රග්බි තරගාවලියේ “ සී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති එංගලන්තය සහ ටොන්ගා රාජ්‍ය අතර තරගයෙන් ලකුණු 35 – 3 ක විශිෂ්ඨ ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද ( 22 ) සමත් විය.
තරගයේ පළමු අර්ධය ලකුණු 18 – 3 කින් පෙරමුණ ගත් එංගලන්තය ටොන්ගා රාජ්‍ය යේ ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී කිසිදු ලකුණක් රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදුන්නේය. ඒ අනුව එංගලන්තය සහභාගී වූ පළමු තරගයම අමතර ප්‍රසාද ලකුණකුත් සමගින් ජය ගැනීමට සමත් වූයේ තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි.
අද පැවති සෙසු තරග වලදී, ස්කොට්ලන්තය ලකුණු 27 – 3කින් පරාජය කරමින් පළමු ජය ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ඉතාලිය සහ නැමීබියාව අතර තරගය වඩාත් උණුසුම් මුහුණුවරගත් අතර එහිදී ලකුණු 47 – 22 කින් තරගය ජය ගැනීමට ඉතාලිය සමත් විය.
හෙට ( 23 ) දිනයේදී වේල්සය සහ ජෝර්ජියාව අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 3.45 ට ආරම්භ වීමට නියමිතය.
Be the first to comment